Sunday, August 19, 2012

Monday, August 13, 2012

Www.teshankarunarathna.blogspot.com








T








H
A























 සායෙන් පිළිනිමු



                                              http://Www.teshankarunarathna.blogspot.coM/



Friday, August 10, 2012

පරිගණක දෘඩාංග


රිගණක දෘඩාංග        පරිගණකයට සම්බන්ධ කර ඇති කොටස් හා උපාංග පරිගණක දෘඩාංග වලට අයත් වේ.
උදාහරණ -
  •                 යතුරු පුවරුව
  •                මුසිකය
  •               රැම් කාඩ්පත
  •               වි.ජි.ඒ 
  •               හාඩ් ඩිස්ක්  ආදිය ඒ අතර වේ.
 

පරිගණකයක් Format කරන ආකාරය
  • මේ සඳහා මෙහෙයුම් පද්ධති මෘදුකාංගයක් සහිත CD/DVD එකක් තිබිය යුතුය.
  • ඉන්පසු CD/DVD එක පරිගණකයට දමා පරිගණකය Restart කළ යුතුය.
  • ඉන්පසු ලැබෙන උපදෙස් අනුව ක්‍රියාකල යුතුය.
  • එදිනෙදා අපට විවිධ මෙහෙයුම් පද්ධති සහිත පරිගණක දැක ගත හැක.
උදාහරණ -      Windows 7
                         Windows XP
                         Windows 98
                         Windows Vista
                         Ubuntu ආදිය ඒ අතර වේ.


සිගිරිය

                                                                           සීගිරිය


සිගිරිය පිහිටා ඇත්තේ දඹුල්ල නගරයේය .මෙම නගරය දිනපතා දෙස් වි‍දෙස් සංචාරකයින්ගෙන් පිරි ගිය නගරයකි.


Location of Sigiriya in Sri Lanka




හැදින්වීම

සීගීරියේ වාස්තු විද්‍යාව ගැන සලකා බැලීමේදී එය අරමුණු කිහිපයක් ඔස්සේ හසුරවනු ලැබු ආකාරයක් දක්නටලැබේ.මෙහිදි ආරක්ෂාව පිළිබදව වඩාත් සැලකිළිමත් වු බව පෙනේ.එසේම කලාත්මක බව හා එහි පිහිටිම පිළිබදවද උනන්දු වී තිබේ.මහාවංශය සදහන් කරන ආකාරයට කාශ්‍යප රජු සීගිරිය සිය රාජධානිය කර ගත් පසුව නොයෙක් කර්මාන්තාදිය කොට එය සුදුසු ආකාරයට සකස් කර ගත් බව කියැවේ.

වාස්තු විද්‍යාවේ නිර්මාණකරණය

නාගරික සැළසුම්කරණය

සීගීරියේ වාස්තු විද්‍යාවේ කැපී පෙනෙන අංගය වන්නේ එහි නාගරික සැලසුම්කරණයයි. ලාංකීය පැරණි නගර නිර්මාණ සැලසුම් අතර විශිෂ්ඨතම නිර්මාණයක් ලෙස සිගිරි නගර සැලසුම හදූන්වා දිය හැකිය. ලාංකිය වෙනත් නාගරික සැලසුම්වලින් යම් තරමකට හෝ සිගිරිය වෙනස් වන්නේ හුදෙක් එය ජනතාවගේ පාලන මධ්‍යස්ථානයක්ම වශයෙන් තිබු තැනැක් පමනක්ම නොව සෞන්දර්යාත්මක නිර්මාණයක්ද වු බැවිනි. පුරාණ නගරයක් සැලසුම් කිරීමේදී ආරක්ෂාව පිළිබදව සැළකිලිමත් වු බව පෙනේ.රාජ මාළිගාව පිහිටියේ නාගරික සංකීර්ණයේ මධ්‍යයේය. සිගිරිය ගිරි දූර්ගයක් කේන්ද්‍ර කොට ගත් බලකාටුවකි. මෙම ස්ථානය දූර්ගයක් වු පමනින්ම ආරක්ෂාව ප්‍රමාණවත් වෙතැයි නොසිතා ඊට තවත් ආරක්ෂක විධි විධාන සම්පාදනය කළ බව පෙනේ. සිගිරියේ සැම නිර්මාණයක්ම සැලසුම්වන්නේ උතුරු දකුණු දිශානුගතව පිහිටි භුමියෙන් අඩි 600ක් තරම් උසවු හුදකලා පර්වතයක් කෙන්ද්‍ර කර ගනිමිනි. එ අනුව නගරයද සැලසුම් කර ඇත්තේ උතුරේ සිට දකුණටත්,බටහිර සිට නැගෙනහිරටත් පර්වතය මැදින් එකිනෙක කැපි යන පරිදි සකස් කරන ලද මධ්‍ය රේඛාවක් මත පිහිටා ගෙන මෙහි මුලික සැලසුම සකස් කර ඇත්තේ ප්‍රධාන පර්වතය සහ භුමියේ ස්වාභාවික පිහිටිමට අනුගතවන පරිද්දෙනි. එ අනුව නගරයේ ප්‍රධාන ප්‍රවේශය බස්නාහිර අර්ධයට හිමිවී ඇති අතර වැඩිම නිර්මාණ දායකත්වයක් දක්නට ලැබෙන්නේ එම භුමි ප්‍රදේශය මුල් කරගෙනයි. මේ නිසා සිගිරි සැලසුම වශයෙන් බටහිර-නැගෙනහිර දිශානුගත වු ආයත චතුරස්‍රකාර ස්වරැපයක් ගනි.

සිගිරියේ බිම් සැලසුම


 

නගර සැලසුම් කරනයේ වඩාත්කැපි පෙනෙන අංග:-
  • නගරය වටා ප්‍රාකාර සහ දිය අඟල් නිර්මාණය කිරිම
  • දොරටු නිර්මාණය
  • පාරිසරික සම්බන්ධතාවය
  • ලෙන් නිර්මාණය
  • ගල් භාවිතා කිරිමේ ස්වරැපය(කළු ගල්/හුණු ගල්/ගඩොල්)
නගරය වටා ප්‍රාකාර සහ දිය අගල් නිර්මාණය කිරිම.
සිගිරියේ දක්නට ලැබෙන නශ්ටාව‍ශේෂ අනුව ප්‍රධාන වශයෙන් දිය අගල් දෙකක් වු බව සොයා ගෙන තිබේ. ඉන් වඩාත් පළලින් යුතු දිය අගල පිටත දිය අගල වශයෙන් හැදින්වේ.මෙහි පිටතින් ඇති නොඋස් ප්‍රාකාරය පිටත ප්‍රාකාරය ලෙස නම් කර තිබේ. පිටත දිය අගලට ඇතුළතින් ඇති ගඩොලුමය ප්‍රාකාරය මැද පවුර යන නම්න් හදූන්වනු ලබන්නකි. මැද පවුරෙන් ඔබ්බට දක්නට ඇත්තේ සමතලා බිමකි. අද සිගිරි නගරයට පිවිසෙන මාර්ගය ලෙස මෙය භාවිතයට ගනි. මේ ප්‍රදේශයේ ඇතුළට වන්නට ඇතුළු දිය අගල පිහිටා ති‍‍බෙන අතර එය පටු එහෙත් ගැඹුරැ බවින් යුක්ත වුවකි. මේ දිය අගල අවසානයේම ඉතා ඉහලට උස් වු ඇතුළු ප්‍රාකාරය නිමවා ති‍බේ. පිටත පවුර සහ පිටත දිය අගල සැලසුමට ඇතුලත් කොට තිබුණද එහි නිර්මාණාත්මක හෝ වාස්තුවිද්‍යාත්මක ඉදිකිරිම් වල ස්වරැපය දූර්වලය. සමහර විට මෙය මඩ අගලක් වශයෙන් භාවිතා කරන්නට ඇත. එහෙත් මධ්‍ය ප්‍රාකාරයේද,ඇතුළු දිය අගල සහ ඇතුළු ප්‍රාකාරයේද ඉදිකිරිම් ස්වරැපය වඩාත් සිත් ගන්නා සුළුය. පිටත ප්‍රකාරය පස් වලින්ද, මධ්‍ය ප්‍රාකාරය ගඩොලින්ද, ඇතුළු ප්‍රාකාරය ගලින් බැද ඒ මත පස් පුරවා උස් කොට තැනිමෙන්ද නිර්මාණය කර ති‍බේ. සිගීරි පර්වත‍යේ සිට බටහිර ප්‍රාකාරවලට ඇති දූර මෙන් දෙගුණයක් දුරකට නැගෙනහිර ප්‍රාකාරය ඉදි කර තිබේ. එහෙත් මෙහි දක්නට ලැ‍බෙන නිර්මාණාත්මක ස්වරුපය බටහිර පැත්තේ ස්වරුපයට වඩා වෙනස්ය. නැගෙනහිර පැත්තේ ඇතුළු ප්‍රාකාරයද බටහිරට සමාන දූරකින් එහෙත් ඊට වඩා පටු සීමාවන් තුළ ඉදිකර තිබේ. පිටත ප්‍රාකාරය,බටහිර පිට ප්‍රාකාරයට සමානව එමෙන් දෙගුණයක් තරම් නැගෙනහිර දෙසට විහිදී තිබෙනු පෙනේ. එහෙත් මෙම ප්‍රාකාරය බැමි හෝ දිය අගල්වල අඛණ්ඩ ස්වරූපයක් දක්නට නොමැතිය. ඇතැම්විට මෙම ප්‍රාකාරය නිම කරමින් පැවති අවස්ථාවක් විය යුතුය.

දොරටු නිර්මාණය

සීගිරි සංකීර්ණයේ සැලසුමට අනුව ඊට ප්‍රවිෂ්ඨ විම සදහා තනනු ලැබු නොයෙක් ආකාරයේ දොරටු රාශියක්ම සොයා ගෙන තිබේ. විශේෂයෙන්ම බටහිර ප්‍රවේශයේ වු දොරටු අතර බටහිර ඇතුල් දිය අගලින් ඇතුළුවන ස්ථානයේ ඇති දොරටුව ඉතා වැදගත් නිර්මාණයකි. ඉතා විසිතුරු මෙම දොරටුව සිගිරි සංකීර්ණයේ ප්‍රධානතම දොරටුව වුවාට සැක නැත. සීගිරියේ අනෙකුත් ප්‍රධාන දොරටු සැලසුම් කර ඇත්තේ පර්වතයට උතුරු හා දකුණු පැත්තෙනි.ඉන් උතුරු දොරටුව පිහිටියේ පිදූරංගල පර්වතය පැත්තට මුහුණලාය. සිගිරි සැලසුමේ දකුණු පසින් දක්නට ලැබෙන දකුණු දොරටුව උතුරු දොරටුවට සෑම අතන්ම සමානත්වයත්වයක් දක්වයි. මේ දොරටුව ද දිය අගල හරහා යන බැම්මකින් සම්බන්ධ කර තිබෙන අතර මෙම පැත්තේද දිය අගලේ මට්ටම් කිහිපයක් දක්නට ලැබේ. මේ සියලු දොරටුවලට වඩා සුවිශේෂී නිර්මාණය වූයේ සීගිරි ගල මුදුනට නැගීමට තිබූ එකම දොරටුව වන සිංහ දොරටුවයි. මේ සියල්ල දෙස බැලීමේදී පැහැදිලි වනුයේ සීගිරි සංකීර්ණය සැලසුම් කිරීමේදී විවිධ ආරක්ෂිත උපක්‍රම අනුගමනය කරමින් සහ ස්වභාවික නිර්මාණයද පාදක කර ගනිමින් සීගිරි සංකීර්ණය සඳහා මාවත් මෙන්ම දොරටු ද නිර්මාණයකර තිබූ ආකාරයයි.

පාරිසරික සම්බන්ධතාවය.

සීගිරියේ නගර සැලසුමේ වැදගත්ම අංගයක් වන්නේ ඊට පාරිසරික සම්බන්ධතාවයේ ඇති දායකත්වයයි. එය නගරයේ ආරක්ෂාව වෙනුවෙන් යොදා ගෙන ඇති ආකාරය කිසිදු පුරාණ නගරයක දක්නට නොලැබෙන ලක්ෂණයක් බැවිනුත් ස්වභාවයෙන්ම සිගිරි නගරයට ලැබුනු දායාදයක් වශයෙනුත් හැදින්විය හැකිය. එනම් සිගිරි පර්වතය ව‍ටා පිහිටා ඇති පර්වත සමුහයයි. ඉන් ප්‍රධාන වන්නේ සිගිරියට උතුරින් පිහිටි පිදූරංගල පර්වතයයි. දකුණින් පිහිටි මාපගලත්,පෙතංගල,දූවන්නාගල හා තම්මැන්නාගල වැනි ස්ථානත් සිගිරිය හා සෘඡු සම්බන්ධකම් දැක්වු ස්ථාන බව පෙනේ. මෙම ස්ථාන සිගිරි නගරයේ ආරක්ෂා කටයුතු සදහා දායක වු බව නොරහසකි. කදූ වළල්ලක් මැද පිහිටි මේ අපුරු නිර්මාණය පුරාණ සැලසුම්කරුවන්ගේත්,ඉංජිනේරුවන්ගේත් අවධානයට ලක් විමෙන් ආරක්ෂිත රාජධානියක්,සැලසුම් සහගත නගරයක් මෙන්ම අලංකාර රාජමාළිගා සංකීර්ණයක් බවටද පත් වී ඇත.

ලෙන් නිර්මාණය.

සිගිරියේ වාස්තු විද්‍යාත්මක නිරිමාණ අතර පැරණිම නිර්මාණයක් වන්නේ ලෙන් නිර්මාණය කිරිමයි. සිගිරියේ ඇති ලෙන් බොහාමයක්ම කටාරම් කො‍ටා සකස් කර ඇති ඒවාය. එසේම කටාරම් කොටන ලද එම ලෙන් දක්නට ලැබෙන්නේ බටහිර පාර්ශවයේ පමණි. නැගෙනහිර පැත්තේ ලෙන් දක්නට ලැබුනද ඒවා කටාරම් කොටා සකස් කරන ලස ඒවා බව නොපෙනේ.

ගල් භාවිතා කිරිමේ ස්වරුපය.

ගල් භාවිතා කරමින් විවිධ නිර්මාණ ඉදිරිපත් කිරිම සීගිරි වාස්තු විද්‍යාවේ කැපි පෙනෙන ලක්ෂණයක් වේ. ගල් ගුහා වල කටාරම් කෙටිම ඉන් පැරණිතම අවස්ථා ලෙස හදූනා ගත හැක. එසේම ලක්දිව කොතැනක හෝ දක්නට නොලැ‍බෙන ආකාරයේ විශ්මය ජනක නිර්මාණ පවා සීගිරියේ දක්නට ලැ‍බෙනුයේ ශිලා භාවිතයේ දායකත්වයත් සමගය. මින් වඩාත්ම පුදූම එළවන සුළු නිර්මාණය වන්නේ සීගිරි පර්වතය වටා කොටන ලද මහා කටාරමය. සැබවින්ම එය සීගිරි නිර්මාණය තුල ලැබෙන විශ්මිත කාර්යය වන්නේය. බිමින් අඩි 500 ක් තරම් උසිනුත්,උඩින් අඩි 100ක් තරම් පහළිනුත් උතුරු හා බටහිර අර්ධය පුරා එක කෙලින් කපන ලද මේ කටාරමේ නිර්මානකරණය නම් කිසිසේත්ම විශ්වාස කල නොහැකි තරමට පුදූම එළවන සුළුය.

ගිරි පුරවරයේ ඇති එකම කළු ගලක් හෝ නිර්මාණකරණයකින් තොරව ඉතිරි නොකරන්නට එකල ශිල්පීන් වගබලාගෙන තිබේ.පිහිටි ගල් ඇතුළට සාරා පොකුණු තැනීමද සීගිරියේ ගල් වැඩ අතර දැකිය හැකිය. එසේම වාස්තු විද්‍යාවේදි ගල් බහුලව භාවිතා කර ඇත්තේ දිය අගල් වල බැමි සදහාත්,මාලක සදහා බැමි නිර්මාණය කිරිම සදහාත්ය. කළු ගල් හැරුනු කොට සිගිරි නිර්මාණ විෂයෙහි වැඩිම දායකත්වයක් දක්වන්නේ හුණුගල්ය. වාස්තු විද්‍යාත්මක නිර්මාණ සදහා හුණුගල් පි‍ටතින් ගෙන ආ බව පෙනේ. පියගැට පේළි,ආසන,බොරදම්,පිළිම,මුරගල්,ජල මල්,කානු පද්ධති සහ ගොඩනැගිලිවල බිමටද හුණුගල් භාවිතා කර ඇති බව පෙනේ. සිගිරි වාස්තු විද්‍යාවේ කැපි පෙනෙන අමුද්‍රව්‍ය වන්නේ ගඩොල්ය. කුඩා පනා බැම්මක මහ පවුරක් දක්වාම වු සෑම තැනකම ගඩොලුමය ඉදි කිරිම් සහ නිර්මාණ රැසක් දැකිය හැකිවේ. පොකුණු නිර්මාණය ගොඩනැගිලි තැනීම, මාලක නිර්මාණය සහ පවුරු නිර්මාණය සඳහා මෙන්ම දොරටු නිර්මාණය සඳහා ද ගඩොල් භාවිතා කර තිබේ. සීගිරි ගල මුදුනේ වූ මාලිගය හා උද්‍යානය වෙනුවෙන් ගඩොල් ස ලක්ෂ ගණනක් ඉහළට ගෙන ගියේ කෙසේදැයි සිතීම පවා විශ්මයජනනකය. සීගිරි ගඩොල් නිර්මාණ අතර වඩාත් කැපී පෙනෙන අංග දෙකක් වේ. එනම් සීගිරි ගලේ බටහිර පැත්තේ ගල් ආනතියේ නිමවා ඇති කැටපත් පවුරත්, සිංහ පාද මළුව තුළ දැනට දෙපා පමණක් ඉතිරි වී ඇති දැවැන්ත සිංහ රූපයත්ය.දැව භාවිතය ද සීගිරියේ දී මහා පරිමාණයෙන් කර ඇති බවට ප්‍රමාණවත් තරම් සාධක හමුවේ. පර්වත මත ඉදිකළ බොහෝ ගොඩනැගිලි විවෘත මණ්ඩප වශයෙන් තිබු බව පැහැදිලි වන අතර, ඒ සඳහා දැව කණු භාවිතා කර තිබේ. එසේම සෑම ගොඩනැගිල්ලක්මඋළුසෙවිලි කොට තනා තිබේ. සාම්ප්‍රදායික පැතිලි උළු වන මේවා අතර මුදූන් උළු කැටද දක්නට ලැබේ. එසේම ගොඩනැගිලි අලංකාර කීරිම සදහා මැටියෙන් කල කුළුණු හිස් රාශියක්ම යොදා ගෙන තිබේ. අටපට්ටම් පදනමකින්ද අටපට්ටම් කුළුණු හිසකින්ද යුතු වු මේවා විසිතුරු මල්කමින් සහ ගිනිදළු මෝස්තර වලින් අලංකාර කර තිබේ.

*උද්‍යාන සැලසුම්කරණය

සීගිරියේ උද්‍යාන පිළිබදව සලකා බලන කල පැහැදිලි වනුයේ ලොව ඇති පැරණිතම උද්‍යානවලින් එකක් අතරට මෙයද අයත් වන බවයි. සීගිරි පර්වතයේ බටහිර අර්ධයේ දිය අගලින් සහ පවුරු වලින් වලින් වටවු තැනිතලා බිම්කඩ පුරා දක්නට ලැබෙන්නේ නොයෙන් වාස්තු විද්‍යාත්මක ලක්ෂණ වලින් යුතුව නිර්මාණය කර ඇති අලංකාර උද්‍යානයයි. විශේෂයෙන්ම ජල රැදවුම් වලට මුල්තැනක් දෙමින් ඉතා ක්‍රමානුකූලව සහ සැලසුම් සහගත අයුරින් නිර්මාණය කර තිබෙන මේ උද්‍යානය වු කලි පුරාණ දකුණු ආසියාවේ ඇති උද්‍යාන පිළිබඳව දක්නට ලැබෙන හොඳම නිදර්ශනය සේ සැලකේ.
සීගිරි ගල පාමුල පිහිටි මාලක උද්‍යානය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදේ.
  • ජල උද්‍යානය
  • ශිලා උද්‍යානය
  • මාලක උද්‍යානය
මෙම උද්‍යාන ක්‍රමවේද තුනම අනුගමනය කරමින් රජමාළිඟා උද්‍යානය නිම කර තිබේ.



*ගොඩනැගිලි සැලසුම්කරණය

නාගරික සැලසුම් මෙන්ම සීගිරි නගරයේ ගොඩනැගිලි ඉදිකිරිමේ වාස්තු විද්‍යාවද ලාංකීය වාස්තු විද්‍යාවේ කැපි පෙනෙන ලක්ෂණ පෙන්වයි. ප්‍රධාන වශයෙන් විවිධ අමුද්‍රව්‍ය මාධ්‍යයන් ප්‍රයෝජනයට ගනිමින් මෙම නිර්මාණ කර තිබේ. දැනට දක්නට ලැබෙන අවශේෂවලට අනුව එම මාධ්‍යයන් වන්නේ ගල්,ගඩොලු,දැව සහ බදාමය. මින් වැඩි වශයෙන් දක්නට ලැබෙනනේ ගඩොලුමය නිර්මාණයන්ය.ගොඩනැගිලි සඳහාත් බොහෝ විට ගල් භාවිතා කර ඇති නමුත් ඒවායේ සම්පුර්ණත්වය සඳහා දායක වී ඇත්තේ ගඩොල් සහ දැවය.






සිංහරාජ වනය

සිංහරාජ වනාන්තරය

Sinharaja Forest Reserve*
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
රට  Sri Lanka
වර්ගය ස්වාභාවික
වර්ගීකරණය ix, x
යොමුව 405
කලාපය ආසියා පැසිෆික්
ලේඛනගත ඉතිහාසය
ලේඛනගත වූ වර්ශය 1988  (10වන Session)
* ලෝක උරුම අඩවි නාමාවලියෙහි ඇති පරිදි.
යුනෙස්කෝවට අනුව වර්ගීකරනය වී ඇති ආකාරයට.
සිංහරාජ වන රක්ෂිතය
IUCN Category II (National Park)
Location සබරගමුව සහ දකුණ, ශ්‍රී ලංකාව
Area 88.64 km²
Established අප්‍රේල් (බක්), 1978
සිංහරාජ වන රක්ෂිතය ශ්‍රී ලංකාවෙහි මධයම කදුකරයේ නිරිත දිගින් පිහිටි රක්වාන කදුවැට්යේ උස 300-1170M සීමාවේ,හේක්ටයාර 11250 ක පැතිර පවතී. පවතින ජාතික වනෝද්‍යානයකි. එය අන්තර්ජාතික අවධානයට ලක් වී ඇති අතර යුනෙස්කෝව විසින් ජෛවගෝල රක්ෂිතයක් සහ ලෝක උරුම අඩවියක් ‍ලෙසට නම් කොට ඇත.
ශ්‍රී ලංකාවෙහි පහතරට වැසි වනාන්තර පරිසර කලාප‌‍යේ ‌‍කොටසක් වන ‌‍මෙම ‍නොඉඳුල් කඳුකර වැසි වනාන්තරය, පිවිසු‌ම් අපහසුතාව හේතුවෙන් වාණිජකරණයට ලක් වී‍මෙන් ආරක්ෂා විය. මෙය 1978 වස‌‍රේ දී ‍ජෛවගෝල රක්ෂිතයක් ‌‍ලෙස ද, 1988 වස‌‍රේ දී ‍ලෝක උරුමයක් ‍ලෙස ද නම්‍‍‍ කොට තිබීම ඒ සඳහා තවත් හේතුවක් විය. ‌රක්ෂිත‌‍යේ “සිංහරාජය” යන නාමය “සිංහරජදහන” අරුත් ‍දේ.
රක්ෂිතයේ නැගෙනහිර දෙස සි‍ට බටහිර දෙසට දුර කි.මි. 21ක් සහ උතුරු දෙස සිට දකුණු දෙසට උපරිම දුර කි.මි. 7ක් වුව ද ඵය ශාක විශේෂ මෙන් ම කෘමීන්, උභයජීවීන්, උරඟයින්, පක්ෂීන් සහ ක්ෂීරපායීන් ඇතුළු ආවේණික ජීවී විශේෂ සඳහා සුරක්ෂිත අභය භූමියකි.
ඝන ශාක වැස්ම හේතුවෙන් යාල වැනි වියලි කලාපීය වනෝද්‍යාන මෙන් වන සතුන් මෙහි දී පහසුවෙන් දැක ගත හැකි නොව්. මෙහි දී අලි දැකගත නොහැකි අතර දිවියන් ද දක්නට ලැබෙනුයේ දුලබ වශයනි. බහුලව ම දැකිය හැකි විශාල ම ක්ෂීරපායි ජීවියා වනුයේ, ශ්‍රී ලංකා අළු වඳුරා යි.
එක් ආශ්වාදජනක සංසිද්ධියක් වනු‌‌‍යේ පක්ෂීන් ‌‍බොහෝ විට ආහාර ‍‍සොයා යාම සඳහා සාමූහික රංචු වශ‌‍යෙන් හැසිරීමට ප්‍රවණතාවයක් දැක්වීම යි. මෙවැනි ‍රංචුවක් ‍‍බොහෝ විට මහ කවුඩා සහ රතු දෙමළිච්චා යන පක්ෂී විශේෂ වලින් සමන්විත වේ. මෙවැනි ‍රංචුවක පෙරමුණ ගන්නා මහ කවුඩා ප්‍රචණ්ඩකාරී පක්ෂියෙකු ලෙස ද රතු දෙමළිච්චා ඝෝෂාකාරී පක්ෂියෙකු ලෙසද ප්‍රචලිත ය.

සිංහරාජයට ආවේනික වූ සත්වයින්

ශ්‍රී ලංකා‌‌වේ දැනට හඳුනා‌‌‍ගෙන ඇති ආවේණික අතු‌‍රෙන්, වැසි වනාන්තර ඇසු‌‌‍රේ වාසය කරන ‌විශේෂ 20ක් ඇති අතර, වත රතු මල් කොහා, ශ්‍රී ලංකා‌‌ බට ඇටිකුකුළා සහ ශ්‍රී ලංකා‌‌ කැහි බෙල්ලා ඇතුළු සියලු ම ‌විශේෂ මෙහි දී දැකගත හැකි‌ වේ.
උරගයින් වශයෙන් ආවේණික විශේෂ වන, පළා පොළඟා සහ කුණකටුවා දැකගත හැකි‌ අතර පුළුල් උභයජීවී විවිධත්වයක් ද පවතී. මෙහි දී ගස් ‍ගෙම්බන් විශේෂයෙන් සඳහන් කළ යුතු වේ. අපෘෂ්ඨවංශීන් ලෙස කොමන් බර්ඩ්වින්ග් සමනළයා සහ කූඩැල්ලන් ප්‍රසිද්ධියක් උසුලයි.

සිංහරාජයට ආවේණික වූ ශාක


යෝධ මීවන
මේ යෝධ මීවන විශේෂය සිංහරාජයට ආවේණික වේ. මෙය මීටර දෙකේ සිට මීටර පහක් පමණ උසට වැඩේ.

පිවිසුම් මාර්ග

  • කුඩාව හරහා පිවිසුම:කොළඹ -->කලවාන -->කුඩාව
  • කොළබ -- ගාල්ල ---දෙනියාය--මෙදේරිපිටිය---- පිටදෙනිය

පින්තූර


සිංහරාජය-යටිරෝපණය

පිටපත - විකිපීඩියා වෙබ් අඩවිය  

කැහි බෙල්ලන් වාසය කරන පරිසරයක්...



ජය සිරි මහා බෝධිය

 ජය සිරි මහා බෝධිය

ශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ පිහිටි ඇසතු වෘක්‍ෂයකි. මෙය ශ්‍රී ලංකාවේ පූජනීයම වෘක්ෂයවේ. බුදුන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමේදී පිට දුන් ඓතිහාසික බෝධි වෘක්ෂයේ අංකුර පැලයකි. මෙය පැල කරන ලද්දේ කි.පූ 288 දීය. එය මේ දක්වා ලෝකයේ තිබෙන මිනිස් අතකින් සිටවූ සහ එසේ සිට‍වූ කාලය දන්නා පැරණිම වෘක්ෂයයි.


ජය ශ්‍රි මහ බෝධින් වහන්සේ, අනුරාධපුරය.

ඉතිහාසය


මහා බෝධි විහාරයේ රෝපිත බෝධින් වහන්සේ. මෙම බෝධින් වහන්සේ මුල් බෝධියේ අංකුරයකි.
මෙම ශ්‍රී මහා බෝධිය බුදුන් වහන්සේ බුද්ධත්වයට පැමිණිමේදී පිට දුන් ඉන්දියාවේ බුද්ධගයාවේ තිබෙන ජය සිරි මහ බෝධියේ දකුණු ශාඛාව යයි කියනු ලැබේ.
ක්‍රි.පූ. 3 වැනි සියවසෙහි මෙම බෝධිය ශ්‍රී ලංකාවට ගෙන එන ලද්දේ අශෝක අධිරාජයාගේ දියණිය වන සංඝමිත්තා මෙහෙණිය විසිනි. ඇය ශ්‍රී ලංකා භික්ෂූණී ශාසනය පිහිටුවීමේ ලා පුරෝගාමී වූවාය.
කි.පූ 249 දේවානම්පියතිස්ස රජතුමා විසින් අනුරාධපුර මහ මෙව්නා උයනෙහි මෙම ජය සිරි මහ බෝධිය සිටුවන ලදී.

රන් වැට

ශ්‍රී මහා බෝධිය සිටුවා ඇත්තේ සාමාන්‍යය පොළව මට්ටමේ සිට මීටර් 6.5 ක් (අඩි 21.3) පමණ උස් වූ වේදිකාවක් වැනි බිමකය. ඒ වටා වැටක් තිබේ. එය අද කාලයේ ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකය පුරා බෞද්ධයන්ගේ වන්දනාමානයට පාත්‍රවන පූජනීය වස්තුවකි. මෙම ප්‍රාකාරය (වර්තමානයේ දක්නට ලැබෙන) ගොඩනංවන ලද්දේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ යුගයේදීය. එසේ කරන ලද්දේ වල් අලින්ගෙන් ආරක්ෂාවීම පිණිසය.

පිටපත - විකිපීඩියා වෙබ් අඩවිය


හුම්මානය

හුම්මානය


හුම්මානය - කුඩාවැල්ල, ශ්‍රී ලංකාව
දකුණු වෙරලේ පිහිටි ස්වභාව ධර්මයා විසින් කරන ලද අපුරු නිර්මාණයකි. හුම්මානයට දකුනේ බස් වහරෙන් “ කරිජ්ජමාලාව ” කියා ද හදුන්වයි. මාතරහම්බන්තොට මාර්ගයේ 184 කි.මි කනුව අයත් වන්නේ නාකුළුගමුවටයි. නාකුළුගමුවෙන් හැරී වෙරල තීරයට පිවිසිමට ප්‍රධාන මාර්ගයෙන්හැරී කි.මි1.5 පමන දුර ගෙවන විට කුඩා වැල්ල - වැලි කැලේ වෙරළ තීරයේ කදු ගැටයක් මත මෙම අපුරු ජල මල ස්ථානගතවේ. මුහුදු රැල්ලේ පීඩනයත් සමග විහිදී යාමට පෙර එක දිගට “ හුම්” ලෙසින් මුමනන හඩක් පිට කරනා බැවින් හුම්-ගාන ය හුම්මානය වු බවකි. අපේ රටේ ඇති මෙම හුම්මානය ලෝකයේ වෙනත් රටවල ඇති හුම්මාන හය අතරින් විශාලත්වයෙන් දෙවන තැන ගන්නා බව වාර්තා වේ. නිරිත දිග මෝසම් වාරකන් සමයේ මුහුදු රල වේගවත්වු විට හුම්මානය වඩාත් ක්‍රීයාශීලි වි අඩි 40-50 පමන උසට අහස දෙසට ජල මලක්ව විහිදී යන අයුරු දක්නට ලැබීම අසිරියකි. හුම්මානය අසලදී කෑ ගැසීම, හූ කීම හුම් හඩට සමාන ශබ්ද නැගීම අත්පුඩි තැලීම හුම්මානයේ ක්‍රීයාකාරිත්වය ඉහල නැංවීමට හේතුවන බව ගැමියන් අතර මතයක් පවතී.

පිටපත - විකිපීඩියා වෙබ් අඩවිය

දෙහිවල සත්තු වත්ත

  දෙහිවල සත්තු වත්ත


ඉතිහාසය

Sri Lanka has a history of collecting and keeping wild animals as pets by some සිංහල kings as well as some British people. What is known today as National Zoological Gardens of Sri Lanka was founded by John Hagenbeck in the late 1920s. It was closed at beginning of world war II in 1939 because of the owner of that company was a German. After liquidation of Zoological Garden Company in 1936, the government acquired much of the collection and added it to the Dehiwala Zoo (Zoological Garden of Ceylon) collection. Although Dehiwala Zoo officially began operating in 1939, an impressive animal collection already existed there as part of Hagenback company's holding area, where public could visit.
Major Aubrey Weinman was the first Director of the Dehiwal Zoo. During his period various programs were developed, such as introducing more native and foreign species, educational and conservation programs, improving the facilities and infrastructures and more.
By 1969, half of the collection consisted of native species including virtually all of the ක්ෂීරපායින් represented. In 1973, the zoo had 158 mammal species, 259 bird species, 56 උරග species and 7 මත්ස්‍යන් species. However, not much has been reported on Zoo progress until 1980s.

සත්වෝද්‍යානය

Dehiwala Zoological Garden is one of the oldest zoological gardens in Asia. It has a substantial collection of worldwide animals. It is open all year long and can be reached by public transportation. Diversity of the zoo is indicated by the presence of an aquarium walk through aviary, උරග house, butterfly garden and many cages and enclosures.
The zoological garden has a small, but picturesque butterfly garden which is decorated with small shrubs, trees, creepers and small streams. Internal temperature and humidity of the house is controlled by artificially created mist. The butterfly garden exhibits 30 species of butterflies with their all stages of life cycle for educational purposes.
දෙහිවල සත්තු වත්තේ සිටින සතුන්
# ප්‍රවර්ගය විශේෂයන් සංඛ්‍යාව
[1] ක්‍ෂීරපායින් 100 450
[2] කුරුල්ලන් 110 1000-1500
[3] මත්ස්‍යන් 65 1000
[4] උරගයින් 35 250
[5] උභයජීවින් 3 20
[6] සමනලුන් 30 100
[7] සාමුද්‍රීය අපෘෂ්ඨවංශිකයන් 10 25

සත්වෝද්‍යාන භූ දර්ශනය

Dehiwala Zoo has been designed into a beautiful landscape of colourful flowers, foliage and water fountains, the zoological garden is probably one of the few remaining places in the country where nature blends with a large variety of animal life.
Colombo Zoo is famous for its huge tree cover and well landscaped garden. To provide more natural habitats some lawns of the Zoo have been converted into small forest patches which are rich in rare plants. Valuable medicinal plants are prominent among the trees in these patches.
The zoo consist of shady pathways with arched cemented bridges are classic ways to cross an animal enclosure although there are plenty of equal attractive alternatives.

සත්ව සංදර්ශණ

Elephant Performance
The elephant's performance are held at elephant arena with certain time table. Pachyderms in shows perform antics such standing on their heads, wiggling their backs to music, hopping on one foot and standing up on their hind legs.
Educational Programme on Chimps
One of the main attraction of Dehiwala Zoo is "Sanju" - a baby Chimpanzee. Sanju was hand raised and now its show is exerted as educational programme about the chimpanzee's behaviors . People can enjoy Saju's daily routine performances according to a time table.
Sea Loins' Performances
The sea lions' performance are displayed daily at the sea lions' pool according to a time table. Two Californian sea lions are fed by their keepers during this wonderful moment.

සතුන් පිළිබඳව

including ක්ෂීරපායින්, උරගයින්, කුරුල්ලන් and මත්ස්‍යන්. Every year the Zoo exchanges some of its animals with other Zoos worldwide to enlarge the diversity of its animals and introduce new species of animals as well.
Dehiwala's collection includes:
ක්ෂීරපායින්
කුරුල්ලන්
උරගයින්

අළුත් සත්ව වර්ග

The table contains introduction of new animal species which has been reported by the Zoo administration to the public medias. The number of introduced and new born animal species can be changed with the time due to death, animal exchanges with other zoos and some unavoidable circumstances.


කොරල් පර

කොරල් පර


කොරල් පර වල ජෛව විවිධත්වයේ ඇතැම් කොටසක්, ඔස්ට්‍රේලියාවේ මහාබාධක පරය
Coral-reef-water.jpg
කොරල් පර යනු නොගැඹුරු නිවර්ථන පෝෂක පදාර්ථ ඉතා සුළු ප්‍රමාණයක් හෝ පෝෂ ද්‍රව්‍ය‍ නොමැති සමුද්‍ර ජලයෙහි අන්තර්ගත ජීවි විශේෂ වලින් නිෂ්පාදනය කරනු ලබන ඇරගනයිට් ව්‍යුහයන් වේ. කාෂිකාර්මික ප්‍රදේශ වලින් නිකුත් කරනු ලබන අධි පෝෂණය සහිත සංඝටක නිසා ඇල්ගි වල වර්ධනය දිරිමත් කිරීම මගින් මෙකී කොරල් පර වලට හානි සිදුවිය හැකිය. බොහෝ කොරල් පර වල ප්‍රමුඛතම ජීවි විශේෂයන් වනුයේ පාෂාණමය කොරල්ය. මේවා කැල්සියම් කාබනේට් බහිස්සැකිලි ස්‍රාවය කරන ගනාවාසයේ නිඩේරියාවන්ගෙන් සැදී ඇත. මෙලෙස සැකිලි ද්‍රව්‍ය එක්රැස්වීමෙන් සහ කැඩිබිදි ඒවා සාගර තරංග මගින් එකිනෙක මත ගොඩ ගැසි ජෛව විඛාදනයට පත් වීමෙන් සුවිශාල කැල්සියම් වලින් සැදුම්ලත් ගනාවාස බිහිවන අතර ඒවා මගින් අනෙකුත් ජීවි කොරල් වලට සහ විශේෂ මාදලි වල වෙනත් ශාක හා සත්ව ජීවිත වලට ආධාර සපයනු ලැබේ. මේකි කොරල් නිවර්තන සහ සෞම්‍ය ජලයෙහි දක්නට ලැබුණද කොරල් පර සෑදෙනුයේ සමකයෙහි සිට අක්ෂාංශ 30 කත් සහ දේෂාංශ 30 ක් අතර කලාපයේදීය. කොරල් ඉතා කුඩා ජීවියෙකුගේ නිර්මාණයකි.මේ කුඩා ජීවියා "පොලිප් ජීවියා" හෙවත් බුහුබාවා ලෙස හදුන්වයි. අපෘෂ්ඨ වංශික ගණයට අයත් කුඩා මෘදු විනිවිද පෙනෙන සතෙක් වන මේ ජීවියා සාගර ජලයේ ඇති කැල්සියම් කාබනේට් අවශෝශණය කරගෙන තම ශරීරයට පිටින් සැකිල්ලක් හෙවත් කවචයක් නිර්මාණය කර ගනී.මේ සතුන් දහස් සංඛ්‍යාවක් නිර්මාණය කරන ඇටසැකිලි කොරල් ලෙස හදුන්වයි.මෙම පොලිප් සතුන් හුණුගල් සැකිල්ලේ කෝප්පයකට සමාන ලෙස ජීවත් වේ. කොරල් පරය ආරම්භ වන්නේ තනි පොලිප් ජීවියෙකුගෙනි. සාගර ජලයේ පාවෙමින් සිටින ජීවියා තද මතුපිටක් හමු වු විට එහි පදිංචිවේ. එයින් පසු සැකිලි සෑදීම අරඹන අතර ,පැටවුන් දෙමාපිය පොලිප්ට බද්ධ වී සැකිලි සාදයි.පොලිප් ජීවියා මිය ගියද උගේ සැකිලි ඉතිරි වන අතර,ඒ සැකිල්ල මත වෙනත් ජීවීන් වර්ධනය වේ.මෙසේ වසර දහස් ගණනක් තිස්සේ පොලිප් ජීවීන්ගේ කොලණියක් මගින් සෑදෙන ඉතා ඝනකම සහිත සැකිල්ල කොරල් පරයක් හෙවත් කොරල් පරයක් ලෙස හදුන්වයි. පොලිප් ජීවියා සත්ව ප්ලවාංග ආහාරයට ගන්නා අතර, ඒ ජීවියා සමඟ සහජීවී ලෙස ජීවත් වන සුසැන්තලේ නමැති අන්වීක්ෂීය පැලෑටිය මත කොරල් පරයේ වර්ධන ශක්තිය රඳා පවතී.පොලිප්ගේ බහිශ්‍රාවීය ද්‍රව්‍ය සහ හිරු එළිය උපයෝගී කරගෙන සුසැන්තලේ නමැති අන්වීක්ෂීය පැලෑටිය ප්‍රභාසංශ්ලේෂණය සිදු කරයි. ප්‍රභාසංශ්ලේශණය මගින් නිපදවන ඔක්සිජන් පොලිප් ජීවීන් ආශ්වාස කරයි. එපමණක් නොව කොරල් වලට සුන්දර වර්ණ ලැබෙන්නේ සුසැන්තලේ ගෙනි. කොරල් පර ගොඩනගන හෙවත් hermatypic කොරල් හමුවන්ගේ ප්‍රකාශ කලාපයේ (50m ට වඩා නොගැඹුරු )ය. එනම් ප්‍රභාසංශ්ලේෂණය වීමට තරම් ප්‍රමණවත් හිරු එළිය ලැබෙන ගැඹුරු මට්ටම තෙක් පමණී.කොරල් බහුබාවන් ප්‍රභාසංශ්ලේෂණය නොකළත්, ඒක සෛලික ඇල්ගාවක් වෙන zooxanthellate සමඟ සංකේතාත්මක සම්බන්ධතාවයක් පවතී.මෙම ඇල්ගී සෛල කොරල් බුහුබාවාගේ පටක තුළ ප්‍රභාසංශ්ලේෂණය කරමින් නිපදවන අමතර කාබනික පෝෂක කොරල් බුහුබාවන් විසින් ප්‍රයෝජනයට ගනු ලබයි.මේ සබැඳියාව නිසා වැඩි හිරු එළිය ප්‍රමාණයක් ලැබෙන පැහැදිලි ජලයේදී කොරල් පර වේගයෙන් වැඩේ. මෙම සහජීවනය නොමැතිනම් කොරල් පර ඒවායේ චමත්කාර ජනක ව්‍යුහය තෙක් වර්ධනය වීම ඉතාමත් සෙමෙන් සිදුවනු ඇත. කොරල් ලිංගික හා අලිංගික යන ආකාර දෙකෙන්ම වර්ගයා බෝකරගනී.තනි බුහුබාවකු හට සිය ජීවිත කාලය තුළදී මේ අකාර දෙකම උපයෝගී කරගෙන වර්ගයා බෝකර ගැනීමට හැකිය.කොරල් ලිංගිකව තම වර්ගයා බෝකිරීම අභ්‍යන්තර හෝ බාහිර සංසෙචනයෙන් සිදුකරයි. ප්‍රජනක සෛල උදර කුහරයේ රේඛාලෙස ඇති පටක ස්ථරයකින් ඇතුළට විහිදුනු මධ්‍යාන්ත්‍රක පටල වල ඇත.ඇතැම් වැඩුණු වයස්ගත කොරල් ද්විලිංගික වේ.අනෙක් කොරල් වෙන්වෙන් වශයෙන් ස්ත්‍රී ලිංග හෝ පුරුෂ ලිංගිකවේ. ඔවුන් වැඩෙන විට ඉතා සුළු ඒකාකාරී ලිංගික වෙනසක් දැකිය හැකිය.
ලෝකයේ දක්නට ලැබෙන ඉතාමත් චමත්කාර ජනක වුද, වෙරළ බඩ පරිසර පද්ධතියක් වශයෙන් කොරල් පර ආශ්‍රිත පරිසර පද්ධතිය හැදින්විය හැකිය. එමෙන්ම ජෛව ක්‍රියාවලියන් ආශ්‍රිත නිර්මාණය වන භූරූප පද්ධතියක් වශයෙන්ද මෙය හැදින්විය හැකිය.
කොරල් ඉතා කුඩා ජීවියෙකුගේ නිර්මාණයකි.මේ කුඩා ජීවියා "පොලිප් ජීවියා" හෙවත් බුහුබාවා ලෙස හදුන්වයි. අපෘෂ්ඨ වංශික ගණයට අයත් කුඩා මෘදු විනිවිද පෙනෙන සතෙක් වන මේ ජීවියා සාගර ජලයේ ඇති කැල්සියම් කාබනේට් අවශෝශණය කරගෙන තම ශරීරයට පිටින් සැකිල්ලක් හෙවත් කවචයක් නිර්මාණය කර ගනී.මේ සතුන් දහස් සංඛ්‍යාවක් නිර්මාණය කරන ඇටසැකිලි කොරල් ලෙස හදුන්වයි.මෙම පොලිප් සතුන් හුණුගල් සැකිල්ලේ කෝප්පයකට සමාන ලෙස ජීවත් වේ. කොරල් පරය ආරම්භ වන්නේ තනි පොලිප් ජීවියෙකුගෙනි. සාගර ජලයේ පාවෙමින් සිටින ජීවියා තද මතුපිටක් හමු වු විට එහි පදිංචිවේ. එයින් පසු සැකිලි සෑදීම අරඹන අතර ,පැටවුන් දෙමාපිය පොලිප්ට බද්ධ වී සැකිලි සාදයි.පොලිප් ජීවියා මිය ගියද උගේ සැකිලි ඉතිරි වන අතර,ඒ සැකිල්ල මත වෙනත් ජීවීන් වර්ධනය වේ.මෙසේ වසර දහස් ගණනක් තිස්සේ පොලිප් ජීවීන්ගේ කොලණියක් මගින් සෑදෙන ඉතා ඝනකම සහිත සැකිල්ල කොරල් පරයක් හෙවත් කොරල් පරයක් ලෙස හදුන්වයි. පොලිප් ජීවියා සත්ව ප්ලවාංග ආහාරයට ගන්නා අතර, ඒ ජීවියා සමඟ සහජීවී ලෙස ජීවත් වන සුසැන්තලේ නමැති අන්වීක්ෂීය පැලෑටිය මත කොරල් පරයේ වර්ධන ශක්තිය රඳා පවතී.පොලිප්ගේ බහිශ්‍රාවීය ද්‍රව්‍ය සහ හිරු එළිය උපයෝගී කරගෙන සුසැන්තලේ නමැති අන්වීක්ෂීය පැලෑටිය ප්‍රභාසංශ්ලේෂණය සිදු කරයි. ප්‍රභාසංශ්ලේශණය මගින් නිපදවන ඔක්සිජන් පොලිප් ජීවීන් ආශ්වාස කරයි. එපමණක් නොව කොරල් වලට සුන්දර වර්ණ ලැබෙන්නේ සුසැන්තලේ ගෙනි.

කොරල් පර වර්ධනයට අවශ්‍ය සාධක

ලෝකයේ පවතින සෑම මුහුදකම කොරල් පර වර්ධනය වන්නේ නැත. කොරල් පර වර්ධනය සඳහා සුදුසු විශේෂිත පරිසර පද්ධතියක් ඇති සාගර වල පමණක් කොරල් පර වර්ධය වේ. එම විශේෂිත අවශ්‍යතා මොනවාද යන්න පහත දැක්වේ.
  • සාගර ජලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 20-30 අතර පරාසයක විය යුතුය.
  • සාගර ජලයේ ලවණතාවය කොටස් 30-35 අතර නොවෙනස්ව පැවතිය යුතුය.
  • සූර්යයාලෝකය හොඳින් සාගර පත්ලට ලැබිය යුතුය.
  • ඉතා පිරිසිදු ජලයක් පැවතිය යුතුය.
  • සාගර පත්ල පොලිප් ජීවියාට පදිංචි වීමට සුදුසු තත්වයට තැනිතලා, ස්ථාවර එකක් විය යුතුය.
සාගර ජලයේ උෂ්ණත්වය එකවර සෙන්ටිග්‍රේඩ් අංශක 2 කින් පමණ වෙනස් වුවහොත් කොරල් පර විනාශ විය හැක. එයට හේතුව වන්නේ උෂ්ණත්වයේ ක්ෂණික වෙනස් වීම පොලිප් ජීවියාට ඔරොත්තු නොදෙන බැවින් එම ජීවියා මැරි යාමයි. එම ජීවියා විනාශ වු විට කොරල් පර වර්ධනයක් නොවන බැවින් කොරල් පර , අජීවී තත්වයට පත් වී විනාශ වී යයි. එම තත්වයම සාගර ලවණතාවය වෙනස් වූ විටද සිදුවිය හැක. කොරල් පර වර්ධනය මීටර් 50 දක්වා වූ ගැඹුරු මුහුද දක්වා සිදුවේ. එයට හේතුව සූර්යය තාපය ඊට වඩා ගැඹුරට නොයන බැවිනි.

කොරල් පර

කොරල් වලින් මිනිසුන් ලබා ගන්නා ප්‍රයෝජන

  • මසුනු,පොකිරිස්සන්, කකුළුවන්, බෙල්ලන් වැනි ආහාරයට සුදුසු ජීවීන්ආහාරයට ලබා ගැනීම.
  • පසෙහි ආම්ලිකත්වය උදාසීන කිරීම සඳහා රසායනයක් ලෙස යොදා ගැනීම.
  • අපනයන සඳහා විසිතුරු මසුන් ගල්මල් ලබා ගැනීම.
  • ලියුකේමියා සහ පිළිකා වැනි රෝග වලට අවශ්‍ය බෙහෙත් වර්ග ලබා ගැනීම.
  • ඉදිකිරීම් කටයුතු සඳහා හුණු ලබා ගැනීම.
කොරල් පර ආශ්‍රිත වෙනත් ජීවීන්ගෙන් මිනිසාට අනාගතයේදී ලබා ගත හැකි ඵල ප්‍රයෝජන වැඩි වනු ඇත. මෑතදී ඇති වූ සීඝ්‍ර ජන සංඛ්‍යා වර්ධනයත් සමඟ කොරල් ආශ්‍රයෙන් ලබා ගන්නා ප්‍රයෝජන වේගවත් වී ති බේ.මේ තත්වය යටතේ මිනිසා මෙම මහඟු සම්පත ප්‍රමාණය ඉක්මවා ප්‍රයෝජනයට ගෙන ඇත. එබැවින් මෙම සම්පත තර්ජනයකට මුහුණ දී ඇත.ඒ සමඟම වෙරළ බඩ ඇති ඇතිවන පරිසර දූෂණයන්ද (අපද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය වැනි දේ ගංඟාවනට සහ මුහුදට යැවීම) මෙම පද්ධතිය පිරිහී යාමට හේතු වී ඇත.

කොරල් පර විනාශ වීමට තුඩු දෙන හේතු.

මිනිසා හුදු අනිතගාමී ලාභ ප්‍රයෝජන සඳහා කොරල් පර ප්‍රදේශ යොදා ගැනීම නිසා එම පර වලට වන හානිය ස්වභාවික ක්‍රියාවලියෙන් වන හානියටත් වඩා අති මහත් ය.එවැනි අවස්ථා කිහිපයක් නම්,
  • පත්ල සූරාගෙන යාහැකි දැල් වලින් මසුන් ඇල්ලීම.
මේ මගින් මුහුදු පැලෑටි සහ කොරල් සහ වෙනත් සියලුම ජීවීහු කැඩී විනාශ වී යයි.
  • ඩයිනමයිට් දමා මසුන් ඇල්ලීම.
ඩයිනමයිට් භාවිතය නිසා ඇති වන කම්පනය මගින් ලොකු කුඩා ජීවීහු විශාල වශයෙන් විනාශ වෙති.මේ මගින් කොරල් පරද දෙදරා ගොස් එහි ස්ථාවරත්වයට හානි පැමිණේ.
  • හුණු ලබා ගැනීම සඳහා කොරල් ඉවත් කිරීම.
මෙය පාරම්පරිකව කෙරෙන වෘත්තියකට සම්බන්ධ ක්‍රියාවලියකි. එහෙත් මෑතක සිට ගොඩනැගිලි ඉදිකිරීම් වේගවත් වීම නිසා හුණු ඉල්ලුමද වේගවත් වී තිබේ.මේ මගින් කොරල් පර සීඝ්‍රයෙන් විනාශ වීමට හේතු වේ.
  • සිහිවටන සඳහා තබා ගැනීමට කොරල් කැඩීම.
සංචාරක කර්මාන්තය දියුණු ප්‍රදේශවල මෙය බලව සිදුවේ.
  • ජල දූෂණය
මුහුද ආශ්‍රිත වෙරළ කොටස් වල සුදු කොහු සෑදීම සඳහා පොල්ලෙලි ගෙන පල් කිරීම හේතු කොට ගෙන කොරල් පර විනාශ විය හැක.
  • යාන්ත්‍රික බෝට්ටු නතර කිරීමට නැංගුරම් භාවිතා කිරීම.
විශේෂහෙන්ම කොරල් පර සහිත ප්‍රදේශවල යාන්ත්‍රික බෝට්ටු වල නැංගුරම් මුහුදු පත්ලට බැස්සවීම නිසා කොරල් පර සීරීයාම සහ කැඩී යාම මගින් ඒවා විනාශයට පත් වේ.
  • වනාන්තර එළි පෙහෙළි කිරීමෙන් කොරල් පර විනාශ වී යාම.
ගංඟා නිම්න ප්‍රදේශවලට පෝෂක ප්‍රදේශ එළි කිරීම නිසා ගං වතුර ඇතිවේ. මෙහිදී ගං වතුර ගෙන එන රොන්මඩ අධික ප්‍රමාණයක් කොරල් පර සහිත ප්‍රදේශවල අධික ලෙස තැන්පත් වී ඒවා වැසී යාමෙන් කොරල් පර වර්ධනයට බාධා පැමිණේ.

කොරල් පර සංරක්ෂණය

මිනිසාට ආර්ථික වශයෙන් ඉමහත් ප්‍රයෝජනයක් ලබා දෙන්නා වු කොරල් ආශ්‍රිත මුහුදු ප්‍රදේශ එක් අතකින් මිනිසාට සෞන්දර්යය ලබා දීමෙන් මානසික තෘප්තියක් ඇති වේ. මුහුදු ජීවීන් සංඛ්‍යාවකට රැකවරණය ද සලසයි. මේ නිසා කොරල් පර වලින් ප්‍රයෝජන ගැනීමේදී මිනිසා මීට වඩා බුද්ධිමත්ව කටයුතු කළ යුතුව ඇත. ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ කල්කුඩා ප්‍රදේශයේ කොරල් කැඩීම නතර කිරීම නිසා ස්වභාවික ව තැන්පත් වු කොරල් වැටියක් නිර්මාණය වී ඉතා කෙටි කාලයකදී වෙරළ තීරයක් ගොඩ නැගී ඇත. ලෝකයේ වෙනත් රටවල් කොරල් පර සම්පත වැඩි කිරීම සඳහා කෘත්‍රීම ලෙස කොරල් නිර්මාණය කෙරේ.
තවත් සමහර රටවල පරණ නැව් මුහුදේ ගිල්වීමෙන් කොරල් වැඩීමට ඉඩ සලසා ඇත. දැනට ලංකාවේ හික්කඩුව ප්‍රදේශය තුළ අක්කර 110 ක සාගර අභය භූමියක් පිහිටුවා ඇත. එය 1979 සී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති කරන ලද්දකි.

කොරල් පරවල ව්‍යාප්තිය


කොරල් පර - පිහිටීම
ඉන්දු ශාන්තිකර කලාපයේ (රතු මුහුද , ඉන්දියන් සාගරය , අග්නිදිග ආසියානු සහ ශාන්තිකර සාගරද ඇතුළත්ව) වර්ග කිලෝමීටර් 284,300 පුරා පැතිර ඇති බවට ගණනය කර ඇති මෙම කොරල් පර සමස්ත කොරල් පරවලින් 91.9% වේ. මෙම සංඛ්‍යාවෙන් 32.3% ක් අග්නි දිග ආසියාවෙන් ද , 40.8% ක් ඕස්ට්‍රේලියාවෙන් ද ඇතුළත්ය. සමස්ත කොරල් පර ප්‍රමාණයෙන් 7.6% පමණක් අත්ලාන්තික් සහ කැරිබියානු කොරල් පර වේ.
කොරල් පර ඉතාම සීමිතව හෝ දක්නට නොමැති වන්නේ ඇමරිකානු සහ අප්‍රිකානු බටහිර වෙරළ තීරයන්ගේය. ගොඩගැනීම් ක්‍රයාවලිය සහ දැඩි සිසිල් සාගර දියවැල් මගින් මෙම ප්‍රදේශවල සාගර ජලයෙහි උෂ්ණත්වය පහත වැටීම ප්‍රාථමිකව මෙම සීමිත භාවයට හේතු වේ. ආසියාවේ වෙරළ තීරයෙන් එපිට පාකිස්ථානයේ සිට බංග්ලාදේශය දක්වා වෙරළ තීරයේ ද කොරල් පර සීමිත වී ඇත. ඇමසන් නදියෙන් සහ ගංගා නදියෙන් ඉතා විශාල වශයෙන් ජලය සාගරයට මුදා හරින බැවින් පිළිවෙලින් දකුණු ඇමරිකාවේ ඊසාන දිගින් ද බංග්ලාදේශය අවට ද කොරල් පර සීමිත වී ඇත.
ලෝකයේ ප්‍රසිද්ධ කොරල් පර සහ පිහිටා ඇති ප්‍රදේශ :-
  • මහා බාධක පරය - ලෝකයේ විශාලතම කොරල් පර පද්ධතිය , ඕස්ට්‍රේලියාවේ , ක්වීන්ස්ලන්තය
  • බෙලිස් බාධක පරය - ලෝකයේ දෙවන විශාලතම කොරල් පර පද්ධතිය , මෙක්සිකෝහි දකුණු ක්වින්ටානාරෝ සිට පැතිරෙන මෙම පරය බෙලිස් වෙරළ තීරය දිගේ පහළට හොන්ඩ්‍යුරාස් දුපත දක්වා පැතිරේ.
  • රතු මුහුදේ කොරල් පරය - ඊජිප්තු වෙරළ තීරයෙන් එපිට සිට සවුදි අරාබිය දක්වා
  • පුලී රිජ් - ගැඹුරුම , ප්‍රභාසංස්ලේෂණයේ යෙදෙන කොරල් පරය, ෆ්ලොරිඩා
  • නව කැල්ඩේනියා බාධක පරය - ලෝකයේ දෙවන විශාලතම ද්විත්ව බාධක පරය වන මෙය කිලෝ මීටර් 1500 පමණ දිග වේ.

තර්ජන


මයික්‍රොනීසියාවේ යැප්ට ඔබ්බෙන් ගැටි පරයක් සහිත දිවයිනක් [1]
ලොව පුරා කොරල් පර විනාශ වෙමින් පවතිති.[1] විශේෂයෙන්ම, කොරල් පර කැඩීම, කෘෂිනාර්මික හා නාගරික අපහරණ, දූෂණය (කාබනික හා අකාබනික), අධික මස්මැරීම, පිපිරුම් මස්මැරීම, රෝග, සහ කාණු කැපීම සහ දිවයින් හා මුහුදු බොකු වෙත ප්‍රවාහණය යන දේ කොරල් පරිසර පද්ධතීන්ට ස්ථානගත තර්ජන වෙති. පුළුල් තර්ජන වන්නේ සාගර උෂ්ණත්වය ඉහළ යෑම, සාගර ජල මට්ටම ඉහළ යෑම සහ සාගර අම්ලකරණය නිසාවෙන් pH අගයෙහි වෙනස්වීම්, යන මේ හරිතාගාර වායු විමෝචනයන් හා බැඳි සියල්ල වෙති.[තහවුරු​ කරන්න]
පෘථිවි සාගරවල ජීවත් වන කොරල්පර වලට මිනිස් ක්‍රියාකාරකම් විශාල තර්ජනයක් එල්ල කරයි. මෙම පරිසර පද්ධතිවලට එල්ලවී ඇති ප්‍රබලම තර්ජනය වන්නේ දූෂණය හා අධික ලෙස මසුන් මැරීමයි. බෝට්ටු ගමනාගමනය හා නැව් තදබදය නිසාද කොරල්පර භෞතික විනාශ වීම සිදු වේ. ආහාර පිණිස සිදුකරන මාළු වෙළඳාම මෙයට හේතු වී ඇත්තේ සයනයිඩ් (Cyanide) භාවිතා කිරීම නිසාය. මීට අමතරව එමඟින් නිවර්තන කලාපයේ ජීවත්වන මිනිසුන්ටද හානි ගෙන දේ. Hughes (2003) ගේ වාර්ථාවලට අනුව ජනගහන වර්ධනය හා ප්‍රවාහන ක්‍රමවල සිදුව ඇති දියුණුව කොරල්පර සඳහා විශාල වශයෙන් බලපා ඇත. නිදසුන් වශයෙන් මසුන් සහ අනෙකුත් ස්වාභාවික සම්පත් සඳහා ගෝලීය වෙළඳපොළක් ඇති වීමත් කොරල්පර ආශ්‍රිත සම්පත් සඳහා ඇති ඉල්ලුම සැපයීමේදී ඊට අදාළ ප්‍රභවයන් විනාශ වී යාමක් දැක්විය හැකිය. පර්යේෂකයින් දැනටමත් කොරල්පර පද්ධතියට බලපෑම් එල්ලකරන විවිධ සාධක නිවැරදිව තහවුරු කර ගනිමින් සිටී. මේ සඳහා විවිධ සාධක බලපායි. නිදසුන් වශයෙන් සාගරය විසින් සිදු කරනු ලබන කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය පෘථිවි වටපිටාවේ සිදුවන වෙනස්කම් පාරජම්බුල කිරණ සාගර ආම්ලීකරණය ජීව විද්‍යාත්මක වෛරස් (Virus) දූවිලි කුණාටුවල බලපෑම, ඇල්ගී හා අනෙකුත් ශාකවල බලපෑම දැක්විය හැකිය. වෙරළ ආශ්‍රිත ප්‍රදේශවලදී කොරල්පරවලට වැඩි තර්ජනයක් එල්ල වේ. මීට අමතරව ඉඩම් සංවර්ධනය හා දූෂණයද සැළකිය යුතු හානියක් සිදු කළත් ගැටළුව වඩා පුළුල් ස්වභාවයක් ගනී.

කොරල් පර සුරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය

පැපුවා නිව්ගිනියාහි අවුස් දිවයිනෙහි ගුවන් ඡායාරූපයක් ඉහත දැක්වේ. අවුස් දිවයින, මැනුස් පළාත සහ පැපුවා නිව්ගිනියා යන ප්‍රදේශවල පදිංචිකරුවන් විසින් ඔවුන්ගේ කොරල් කලපු හයක සම්ප්‍රදායික ක්‍රමයට මසුන් මැරීම සීමා කරන ලදහ. රැහැනේ ඇති මසුන් මැරීමට අවසර දුන් අතර සංස්කෘතික චාරිත්‍ර අනුව දැල් යොදා සහ පොලු වලින් ගසා මගින් මසුන් මැරීම සීමා කරන ලදී. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මසුන් මැරීම සම්පූර්ණයෙන්ම සීමා නොකළ ප්‍රදේශ වලට ජෛව ස්කන්ධය සහ එක් එක් මසුන්ගේ ප්‍රමාණය සැලකිය යුතු තරම් විශාල විය. ලෝකයේ දැනට තිබෙන කොරල් පර වලින් 60% ක් පමණ මිනිස් ක්‍රියාකාරකම් නිසා අවදානමට මුහුණපා ඇති බව ඇස්තමේන්තු කර ඇත. විශේෂයෙන් ගිණිකොණ ආසියාවේ කොරල් පරවල බලපා ඇති තර්ජනය අති මහත්ය. එමනිසා එම කොරල් පරවලින් 80% ප්‍රමාණයක් විනාශ වී යාමේ තර්ජනයට ලක්වී ඇත . කොරල් කේ. කවුන්ටර්පාර්ට් වැනි සංවිධාන සහ දකුණු පැසිපික් කලාපීය ජනතාවගේ පදනම කොරල්පර/ කොරල් පර වළල්ල ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති නූතනයේ පවත්වාගෙන යනු ලැබේ. මෙහිදී ඔවුන් පැලෑටි ප්‍රචාරණය යන සරල ක්‍රමය භාවිතා කරයි. පැක්ටිකල් ඇක්ෂන් වැනි අනිකුත් සංවිධාන කොරල් පර ප්‍රතිසංස්කරණ කටයුතු කෙසේ සංවිධානය කළ යුතුද යන්න පිළිබඳව තොරතුරුමය ලේඛනයක් මහජනයා වෙත නිකුත් කර තිබේ.

මූලාශ්‍ර

පිටපත - විකිපීඩියා වෙබ් අඩවිය