ජය සිරි මහා බෝධිය
ශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ පිහිටි ඇසතු වෘක්‍ෂයකි. මෙය ශ්‍රී ලංකාවේ පූජනීයම වෘක්ෂයවේ.
බුදුන් වහන්සේ
බුද්ධත්වය ලබා ගැනීමේදී පිට දුන් ඓතිහාසික බෝධි වෘක්ෂයේ අංකුර පැලයකි. මෙය
පැල කරන ලද්දේ කි.පූ 288 දීය. එය මේ දක්වා ලෝකයේ තිබෙන මිනිස් අතකින්
සිටවූ සහ එසේ සිටවූ කාලය දන්නා පැරණිම වෘක්ෂයයි.
ජය ශ්‍රි මහ බෝධින් වහන්සේ, අනුරාධපුරය.
ඉතිහාසය
මහා බෝධි විහාරයේ රෝපිත බෝධින් වහන්සේ. මෙම බෝධින් වහන්සේ මුල් බෝධියේ අංකුරයකි.
මෙම ශ්‍රී මහා බෝධිය
බුදුන් වහන්සේ බුද්ධත්වයට පැමිණිමේදී පිට දුන් ඉන්දියාවේ බුද්ධගයාවේ තිබෙන ජය සිරි මහ බෝධියේ දකුණු ශාඛාව යයි කියනු ලැබේ.
ක්‍රි.පූ. 3 වැනි සියවසෙහි මෙම බෝධිය ශ්‍රී ලංකාවට ගෙන එන ලද්දේ අශෝක
අධිරාජයාගේ දියණිය වන සංඝමිත්තා මෙහෙණිය විසිනි. ඇය ශ්‍රී ලංකා භික්ෂූණී
ශාසනය පිහිටුවීමේ ලා පුරෝගාමී වූවාය.
කි.පූ 249 දේවානම්පියතිස්ස රජතුමා විසින් අනුරාධපුර මහ මෙව්නා උයනෙහි මෙම ජය සිරි මහ බෝධිය සිටුවන ලදී.
රන් වැට
ශ්‍රී මහා බෝධිය සිටුවා ඇත්තේ සාමාන්‍යය පොළව මට්ටමේ සිට මීටර් 6.5 ක්
(අඩි 21.3) පමණ උස් වූ වේදිකාවක් වැනි බිමකය. ඒ වටා වැටක් තිබේ. එය අද
කාලයේ ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකය පුරා බෞද්ධයන්ගේ වන්දනාමානයට පාත්‍රවන
පූජනීය වස්තුවකි. මෙම ප්‍රාකාරය (වර්තමානයේ දක්නට ලැබෙන) ගොඩනංවන ලද්දේ
කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ යුගයේදීය. එසේ කරන ලද්දේ වල් අලින්ගෙන් ආරක්ෂාවීම පිණිසය.
පිටපත - විකිපීඩියා වෙබ් අඩවිය
No comments:
Post a Comment